Podcasts by Category

The Loku Effect

The Loku Effect

Deen

The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.

67 - #63 - Kingdom of Heaven (2004) Sinhala Review by Deen
0:00 / 0:00
1x
  • 67 - #63 - Kingdom of Heaven (2004) Sinhala Review by Deen

    ගොඩ කාලයකට පස්සේ කරන මේ episode එක සාමකාමීව රසවිදින්න. :)

    Fri, 08 Sep 2023 - 49min
  • 66 - #62 - The Boy in Striped Pajamas (2008) Sinhala Review By Deen

    The Boy In Striped Payamas (2008) සිංහල Movie Review By Deen

    හැට එක upload කරලා 62වෙනි episode එක කරන්න ටික කාලයක් ගියා. 62න් 63ට යන්න ලොකු කාලයක් යන්නේ නැති වෙයි. අහලා ගුණ දොස් කියන්න අමතක කරන්න එපා. Facebook පේජ් එක ලයික් කරන්න අමතක කරන්නත් එපා.  

    www.facebook.com/thelokueffect


    Tue, 30 Nov 2021 - 40min
  • 65 - #61 - INCEPTION (2010) with Chanaka Colombage

    INCEPTION (2010) සාකච්ඡාව with Chanaka Colombage----------------------------------------------------------------------  මං විශ්වාස කරන විදියට ලංකාවේ හොලිවුඩ් ෆිල්ම් වලට ආදරය කරන පිරිසෙන් Christopher Nolan ගේ 2010 release වෙච්ච INCEPTION ෆිල්ම් එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් එක අනිවාර්යයෙන්ම පුදුමයක් කාරණාවක් වෙයි. ඒකට කමක් නැහැ, එහෙම අසාමාන්‍ය කවුරුහරි  ඉන්නවනම් ලැජ්ජවෙන්න එපා, දැන්මම ගිහින් INCEPTION ෆිල්ම් එක බලන්න සුපිරි ෆිල්ම් එකක්. ගොඩ කාලෙකට කලින් බලලා අමතක වෙලා වගේ නම් ආපහු බලලම චානක කොළඹගේත් එක්ක කරපු මේ Episode එක අහන්න.  චානක, "සිනමාවේදීන් - The Cinema People" ෆේස්බුක් ගෘප් එකට INCEPTION ෆිල්ම් එක ගැන ලියපු ආටිකල් එකටත් හොද ප්‍රතිචාර හම්බවෙලා තිබ්බා. පුලුවන්නම් චානකගේ ඒ ආටිකල් එකත් කියවලම මේ Episode එක අහන්න කියලා කට්ටියට ආරාධනා කරනවා.      චානක මාත් එක්ක ෆිල්ම් එකක් ගැන සාකච්ඡාවකට එකතුවෙන හතරවෙනි වතාව මේක. අපි මීට කලින් Memento, Donny Darko, Interstellar වගේ චිත්‍රපටි විචාරය කරන්නත් එකතුවුනා. ඉතින් ඒ ෆිල්ම් වුත් බලලා තියෙනවනම් ඒ Episode ටිකත් අහන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා. චානක මේ සියලුම Episode සදහා දක්වපු උනන්දුව සහ කැපවීම ගැනත් මං චානකට ස්තුතියි වන්ත වෙනවා. එහෙනම් කට්ටියම INCEPTION ෆිල්ම් එක ගැන කරපු මේ සාකච්ඡාව අහලා, ඇහුවට පස්සේ එන ඔයාලගේ අදහස් උදහස් යෝජනා අපිට කියන්නත් අමතක කරන්න එපා. -------------------------------------------------------------------- චානක, "සිනමාවේදීන්" ගෘප් එකේ පළකරපු INCEPTION ෆිල්ම් එක ගැන ලියපු ආටිකල් එක කියවන්න https://www.facebook.com/groups/thecinemapeople/permalink/1328784424128621

    Fri, 20 Nov 2020 - 3h 31min
  • 64 - #60 - "Dekala Purudu Kenek - 2019" with Ruwishan Vimukthi

    "දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපට සංවාදය with Ruwishan Vimukthi--------------------------------------------------------------  "The ලොකු Effect Podcast" එකේ 60 වෙනි Episode එකෙන් තවත් ලස්සන සිංහල චිත්‍රපටියක් අරගෙන මාත් එක්ක සාකච්ඡාවකට එකතුවෙන්නේ රුවිෂාන් විමුක්ති. 2019 නිකුත් වෙච්ච, මලිත් හෑගොඩ අධ්‍යක්ෂණයෙන් දායක වුන "දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපටය තමයි අපි මේ episode එකෙන් සාකච්ඡා කරන්නේ.  එහෙනම් වැඩි විස්තර ඕනේ නැහැ මේ Episode එකෙන් අපි මේ ෆිල්ම් එකේ මතුකරන කරුණු බොහොමයක් වගේම මාතෘකාවෙන් පරිබාහිර කරුණු කිහිපයකුත් පිලිබදව සාකච්ඡා කරනවා. එහෙනම් "දැකලා පුරුදු කෙනෙක්" ෆිල්ම් එක බලපු කට්ටියම මේ Episode එක අහන්න කියලා ආරාධනා කරනවා, ඒවගේම අහපු කට්ටියට මේ Episode එක ගැන වගේම මේ Podcast එක ගැන යම්කිසි අදහසක් උදහසක් යෝජනාවක් තියෙනවනම් කියන්නත් අමතක කරන්න එපා.  -----------------------------------------------------------------Episode list එකේ පල්ලෙහට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් මං මේ වෙනකොට චිත්‍රපට ගණනාවක්, චිත්‍රපටවලට ආදරය කරන,  සාකච්ඡාවට බදුන් කරන චිත්‍රපටය ගැන සාපේක්ෂව හොද දැනුමක් තියෙන කොල්ලෝ කෙල්ලෝ රසිකයෝ කිහිප දෙනෙක් එකතු කරගෙන සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මං ආරාධනා කරනවා කට්ටියටම ඔයාල බලපු, ආසකරන, අපි සාකච්ඡා කරලා තියෙන ඒ චිත්‍රපටයට අදාළ Episode ටික  අහන්න කියලා. . කොහෙවත් DVD ගන්න තිබ්බේ නැහැ. මට හෝල් එකේ බලන්නත් බැරි වුනා. මම බැලුවේ Gluuoo by Derana එකේ. මේකේ ලංකාවේ ගොඩාක් හොද ෆිල්ම්ස් පොඩි ගානකට Stream කරනවා.     ----------------------------------------- Official Facebook page www.facebook.com/thelokueffect/

    Wed, 04 Nov 2020 - 2h 21min
  • 63 - #59 - Zindagi Na Milegi Dobara (Hindi - 2011) with Rangana Isuru

    Zindagi Na Milegi Dobara (2011) with රංගන ඉසුරු-------------------------------------------------------------------------  අපි අද "The ලොකු Effect Podcast" එකෙන් සාකච්ඡා කරන්නේ, අපි මේ ගත කරන ජීවිතය ගැන දෙපාරක් හිතවන්න හොද උත්සහයක් දරන  ලස්සන හින්දි චිත්‍රපටියක් ගැන, ඒ තමයි 2011 වර්ෂයේ තිරගතවුන Zindagi Na Milegi Dobara චිත්‍රපටිය. මේ ෆිල්ම් එකේ රිතික් රෝෂන්, ෆර්හාන් අක්තාර්, කත්රීනා කයිෆ් වගේ ජනප්‍රිය වගේම රංගන කුසලතාවයෙන් හෙබි නළු නිලියෝ සම්බන්ද කරගෙන නිෂ්පාදනය වුන ලස්සන බොලිවුඩ් චිත්‍රපටියක්.  ඉතින් මේ ෆිල්ම් එක ගැන සාකච්ඡාවක් කරන්න මාත් එක්ක එකතුවෙන්නේ රංගන ඉසුරු, රංගන මාත් එක්ක ෆිල්ම් එකක් ගැන සාකච්ඡා කරන්න මේ Podcast එකෙන් එකතුවෙන පළමුවෙනි අවස්ථාව. මේ ෆිල්ම් එක සාකච්ඡා කරමු කියන යෝජනාව කලෙත් රංගන. රංගන සහ මම මේ ෆිල්ම් එකේ කියවෙන දේ ගැන ටිකක් විස්තරාත්මක පැහැදිලිකරගැනිමක් කරගන්න කරන උත්සාහය යම්තාක් දුරකට සාර්ථක කරගන්න ලැබුනා කියලා මං විශ්වාස කරනවා.   එහෙනම් කට්ටියම මේ Episode එක අහලා ඊටපස්සේ අපි මේ ෆිල්ම් එකේ සාකච්ඡා කරන කරුණු කාරණා ගැන ඔයාලගේ අදහස් උදහස් යෝජනා අපිට කියන්නත් අමතක කරන්න එපා.

    Fri, 30 Oct 2020 - 2h 29min
Show More Episodes