Filtrer par genre

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

10395 - ආසියාතික සංස්කෘතිය සමරන ඇඩිලේඩ් හි OzAsia Festival
0:00 / 0:00
1x
  • 10395 - ආසියාතික සංස්කෘතිය සමරන ඇඩිලේඩ් හි OzAsia Festival

    ආසියාතික සංගීතය, කලාව, ආහාරපාන හා සංස්කෘතික විවිධත්වය විදහාපාන ඇඩිලේඩ් හි පැවැත්වෙන OzAsia Festival සැමරුම පිළිබඳ මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.

    #sbsaudiopodcast

    Thu, 05 Nov 2026 - 00min
  • 10394 - සංක්‍රමණිකයන්ට සහාය වෙමින් සංස්කෘතික සබඳතා ගොඩනඟන වික්ටෝරියා ප්‍රාන්තයේ 'Benalla Migrants Association'

    වික්ටෝරියා ප්‍රාන්තයේ බෙනල්ලා නගරයේ ජීවත් වන විවිධ සංස්කෘතික පසුබිම්වලට අයත් ජනතාව එකමුතු කිරීම සහ සංක්‍රමණිකයන්ට ප්‍රාදේශීය සමාජය සමඟ සම්බන්ධ වීමට සහාය වීම සඳහා Benalla Migrants Association සංවිධානය කටයුතු කරනවා. පසුගියදා බෙනල්ලා නගරයේ පැවති දීපවාලි උත්සවයත් මෙම සංගමය විසින් සංවිධානය කර තිබුණා. මෙම සංගමයේ කටයුතු මොනවාද? සංක්‍රමණික ජනතාව වෙනුවෙන් ඔවුන් ලබාදෙන සහාය මොනවාද? මේ පිළිබඳව Benalla Migrants Association සංගමයේ සභාපති සහ බෙනල්ලා නගර සභා මන්ත්‍රී පුණර්ජි හේවා ගුණරත්න මහතා දැක්වූ අදහස් වලට සවන් දෙන්න.

    #sbsaudiopodcast

    Wed, 04 Nov 2026 - 06min
  • 10393 - උතුරු ක්වීන්ස්ලන්තයේ Gladstone නගරයේ ජීවත්වෙන ඔනෙලි, නිකිණි හා නිතිකගේ අත්දැකීම්

    උතුරු ක්වීන්ස්ලන්තයේ Gladstone නගරයේ ජීවත්වෙන ඔනෙලි, නිකිණි සහ නිතික යොවුන් දරුවන් සමඟ මේ කතාබහ සිදු කලේ දිනිති බණ්ඩාරනායක. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්.

    #sbsaudiopodcast #sbssinhala

    Wed, 04 Nov 2026 - 15min
  • 10392 - ආර්ථික විමසුම: මහ බැංකුවේ පොලී අනුපාත ඉහළ දැමීම ගෙදර ආර්ථිකයට බලපාන්නේ මෙහෙමයි

    ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව නොවැම්බර් මාසයේ දී පොලී අනුපාත යළිත් ඉහළ දැමීම හේතුවෙන් සිදු වන බලපෑම පිළිබඳවයි.

    #sbsaudiopodcast

    Wed, 04 Nov 2026 - 10min
  • 10391 - යුරෝපයේ සුපිරි වෙළෙඳසල්වල ශීතකරණ පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් – ඔස්ට්‍රේලියාවෙත් මෙහෙම වෙන්න පුළුවන්ද?

    අන්තර්ජාලය හරහා සුපිරි වෙළෙඳසලක ශීතකරණ පාලනය කරලා, ඒවායේ තියෙන ආහාර නරක් කරන්න පුළුවන්ද? යුරෝපයේ ස්වීඩනය සහ බෙල්ජියම යන රටවල සුපිරි වෙළෙඳසල් රැසක සිදුවූ සයිබර් ප්‍රහාර හේතුවෙන් මෙවැනි අවදානමක් පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. එවැනි ප්‍රහාරයක් ඕස්ට්‍රේලියාවෙත් සිදුවිය හැකිද? අපේ ආහාර සැපයුමට එයින් ඇති විය හැකි බලපෑම් මොනවාද? මේ පිළිබඳවයි අද අපි විමසා බලන්නේ.

    Wed, 04 Nov 2026 - 02min
Afficher plus d'épisodes