Filtrar por género
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

- 10395 - ආසියාතික සංස්කෘතිය සමරන ඇඩිලේඩ් හි OzAsia Festival
ආසියාතික සංගීතය, කලාව, ආහාරපාන හා සංස්කෘතික විවිධත්වය විදහාපාන ඇඩිලේඩ් හි පැවැත්වෙන OzAsia Festival සැමරුම පිළිබඳ මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcastThu, 05 Nov 2026 - 00min - 10394 - සංක්‍රමණිකයන්ට සහාය වෙමින් සංස්කෘතික සබඳතා ගොඩනඟන වික්ටෝරියා ප්‍රාන්තයේ 'Benalla Migrants Association'
වික්ටෝරියා ප්‍රාන්තයේ බෙනල්ලා නගරයේ ජීවත් වන විවිධ සංස්කෘතික පසුබිම්වලට අයත් ජනතාව එකමුතු කිරීම සහ සංක්‍රමණිකයන්ට ප්‍රාදේශීය සමාජය සමඟ සම්බන්ධ වීමට සහාය වීම සඳහා Benalla Migrants Association සංවිධානය කටයුතු කරනවා. පසුගියදා බෙනල්ලා නගරයේ පැවති දීපවාලි උත්සවයත් මෙම සංගමය විසින් සංවිධානය කර තිබුණා. මෙම සංගමයේ කටයුතු මොනවාද? සංක්‍රමණික ජනතාව වෙනුවෙන් ඔවුන් ලබාදෙන සහාය මොනවාද? මේ පිළිබඳව Benalla Migrants Association සංගමයේ සභාපති සහ බෙනල්ලා නගර සභා මන්ත්‍රී පුණර්ජි හේවා ගුණරත්න මහතා දැක්වූ අදහස් වලට සවන් දෙන්න.
#sbsaudiopodcastWed, 04 Nov 2026 - 06min - 10393 - උතුරු ක්වීන්ස්ලන්තයේ Gladstone නගරයේ ජීවත්වෙන ඔනෙලි, නිකිණි හා නිතිකගේ අත්දැකීම්
උතුරු ක්වීන්ස්ලන්තයේ Gladstone නගරයේ ජීවත්වෙන ඔනෙලි, නිකිණි සහ නිතික යොවුන් දරුවන් සමඟ මේ කතාබහ සිදු කලේ දිනිති බණ්ඩාරනායක. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcast #sbssinhalaWed, 04 Nov 2026 - 15min - 10392 - ආර්ථික විමසුම: මහ බැංකුවේ පොලී අනුපාත ඉහළ දැමීම ගෙදර ආර්ථිකයට බලපාන්නේ මෙහෙමයි
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව නොවැම්බර් මාසයේ දී පොලී අනුපාත යළිත් ඉහළ දැමීම හේතුවෙන් සිදු වන බලපෑම පිළිබඳවයි.
#sbsaudiopodcastWed, 04 Nov 2026 - 10min - 10391 - යුරෝපයේ සුපිරි වෙළෙඳසල්වල ශීතකරණ පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් – ඔස්ට්‍රේලියාවෙත් මෙහෙම වෙන්න පුළුවන්ද?
අන්තර්ජාලය හරහා සුපිරි වෙළෙඳසලක ශීතකරණ පාලනය කරලා, ඒවායේ තියෙන ආහාර නරක් කරන්න පුළුවන්ද? යුරෝපයේ ස්වීඩනය සහ බෙල්ජියම යන රටවල සුපිරි වෙළෙඳසල් රැසක සිදුවූ සයිබර් ප්‍රහාර හේතුවෙන් මෙවැනි අවදානමක් පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. එවැනි ප්‍රහාරයක් ඕස්ට්‍රේලියාවෙත් සිදුවිය හැකිද? අපේ ආහාර සැපයුමට එයින් ඇති විය හැකි බලපෑම් මොනවාද? මේ පිළිබඳවයි අද අපි විමසා බලන්නේ.
Wed, 04 Nov 2026 - 02min - 10390 - SBS සිංහල පුවත්: නිවාස ණය පොලී තවත් ඉහළට, ණය ලබාගත් අයට තවත් පීඩනයක්Wed, 04 Nov 2026 - 05min
- 10389 - කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියානුවන් මිලියන 3.7ක් දුප්පත්, රටේ ආර්ථික දුෂ්කරතාත් ඉහලම මට්ටමක
ඕස්ට්‍රේලියාව තුළ ආර්ථික දුෂ්කරතා තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ඕස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධන කමිටුව (CEDA) විසින් සිදු කරන ලද නව විශ්ලේෂණයකට අනුව, මෙම තත්ත්වය නැවතත් කොවිඩ් වසංගතයෙන් පසු පැවති ඉහළම මට්ටම් ආසන්නයටම පැමිණ ඇති බව වාර්තා වේ. මෙවර කාලීන විග්‍රහය මේ පිළිබඳවයි.
Wed, 04 Nov 2026 - 10min - 10388 - සිරිපා යන සමනළ රෑන් සිහිගන්වන සිඩ්නි නුවරුන් දුටු Bogong සළඹ ගමන
ඔබ සිඩ්නි නුවර ජීවත් වෙන්නෙකු නම් ඔස්ට්‍රේලියාවට අවේණික Bogong සළඹයන් ඔබේ නිවසෙත් ලැගුම් ගන්නට ඇති. නොසිතූ මොහොතක වූ මේ පැමිණීම පසුපස කතාව, ශ්‍රී ලංකාවේ සමනළ සංක්‍රමණය සමඟ ඇති සමානකම සහ ඕස්ට්‍රේලියාවේ සළඹ විශේෂයක් පිළිබඳ නව මානයක අධ්‍යනයක් ගැනයි මේ විශේෂාංගය.
Tue, 03 Nov 2026 - 11min - 10387 - නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී අන්තිම කැමති පත්‍රයක් සකස් කරන්නේ කොහොම ද?
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ වැඩසටහන ඔස්ට්‍රේලියාව තුල අවසන් කැමති පත්‍රය (Last Will and Testament) සකස් කිරීමේ දී බලපැවැත්වෙන නීති සහ ක්‍රමවේද පිළිබඳවයි.
#sbsaudiopodcastTue, 03 Nov 2026 - 08min - 10386 - ළඟදීම ඕස්ට්‍රේලියානුවන් ලක්ෂ ගණනක් බඩගින්නේ, අලුත් වාර්තාවක් හෙළිකරයි
Foodbank ආයතනයේ 2026 වාර්තාවකින් හෙළි වී ඇත්තේ, ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් දහයෙන් හතකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසර තුළ පළමු වරට එම තත්ත්වයට මුහුණ දී ඇති බවයි. එමෙන්ම, පසුගිය මාස 12 තුළ තවත් ඕස්ට්‍රේලියානු පවුල් 100,000ක් ආහාර අනාරක්ෂිත තත්ත්වයට මුහුණ දී ඇති බව ද එම වාර්තාවෙන් අනාවරණය වේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව
Tue, 03 Nov 2026 - 03min - 10385 - SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු මහ බැංකුව අද යළිත් පොලී අනුපාතය ඉහළ නංවනු ඇතැයි පුරෝකථන පළ වේ
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 03 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
#sbsaudiopodcastTue, 03 Nov 2026 - 05min - 10384 - ඕස්ට්‍රේලියානු මහ බැංකුව තව වතාවක් මුදල් අනුපාත ඉහළ දැම්මොත් වඩාත් පීඩාවට පත් වෙන්නේ කවුද?
පවතින ඉහළ උද්ධමන අගය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මහ බැංකුව යළිත් වරක් මුදල් අනුපාත ඉහළ නංවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කරනවා.
#sbsaudiopodcastTue, 03 Nov 2026 - 03min - 10383 - මගේ ජීවිතයේ පළවෙනිම පුහුණුකරුවා මගේ තාත්තා, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික පිහිනුම් ශුරයා අකලංක එක්ක කතා බහක්
ලොව සුපිරිම පිහිනුම් ශුරයින් 25 දෙනා අතර සිටින ශ්‍රී ලාංකික පිහිනුම් ශුර අකලංක පීරිස් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව.
Mon, 02 Nov 2026 - 20min - 10382 - ‘කැන්බරා අගනුවර දී පැවැත්වෙන Sri Lanka Festival ශ්‍රී ලංකා උළෙල සඳහා සියල්ල සූදානම්’ - කොමදෝරු සාගර උදයංග
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන Sri Lanka Festival 2026 එළඹෙන නොවැම්බර් 07 වෙනි සෙනසුරාදා මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.
#sbsaudiopodcastMon, 02 Nov 2026 - 03min - 10381 - SBS සිංහල WorldWatch: මාවෝට නිග්‍රහ කලැයි චීනෙන් චෝදනා ලැබූ ම්බාප්පේ සහ පාස්පෝට් එක නිසා නිග්‍රහ සැලකුම් ලැබුණැයි Ryanair වෙත චෝදනා කල සංගා
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.
#sbsaudiopodcastMon, 02 Nov 2026 - 18min - 10380 - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වලින් දැන් ගෙයක් ගන්න පුලුවන්ද, හරිම තොරතුරු මෙන්න
ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළේ මිල ගණන් අඛණ්ඩව පහළ යමින් තිබේ. මේ අතර සිඩ්නි නගරයේ නිවාස මිල ගණන් වසර පහකට පෙර පැවති මට්ටමටත් වඩා පහළ ගොස් තිබෙන බව නවතම දත්ත පෙන්වා දෙයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව
Mon, 02 Nov 2026 - 03min - 10379 - SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම් මැද අගමැති ඇල්බනීසි විදෙස් සංචාරයේ, විපක්ෂයෙන් විවේචනMon, 02 Nov 2026 - 05min
- 10378 - ලේබර් පක්ෂයේ වසර 12ක පාලනයෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තය දේශපාලනිකව දක්ෂිණාංශය දෙසට නැඹුරු විය හැකිද?
වික්ටෝරියා ප්‍රාන්තය සාම්ප්‍රදායිකව ප්රගතිශීලී දේශපාලන නැඹුරුවක් ඇති ප්‍රාන්තයක් ලෙසයි සැලකෙන්නේ.නමුත් මේ නොවැම්බරයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයත් සමඟ එම තත්ත්වයේ වෙනසක් ඇතිවිය හැකි බවට දැන් ඉඟි පළවෙමින් තිබෙනවා. මත විමසුම්වලින් පෙනී යන්නේ One Nation පක්ෂයට ලැබෙන ජනප්‍රියත්වය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවයි. ඒ සමඟ වික්ටෝරියා ප්‍රාන්තයේ දේශපාලනය ජනතාවාදී දක්ෂිණාංශය දෙසට නැඹුරු වීමේ හැකියාවක් තිබේද? අද කාලීන තොරතුරු විග්‍රහය ඒ පිළිබඳවයි.
Mon, 02 Nov 2026 - 09min - 10377 - මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ඔක් 26 - ඔක් 30
ඔක්තෝබර් 26 වන දා සිට ඔක්තෝබර් 30වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
Sat, 31 Oct 2026 - 09min - 10376 - තරුෂි එක්ක තරු කතා: මගේ හැකියාවන් පුංචි තිරයටම දිය කරලා හරින්න වෙන එක අපරාධයක් - හිමාලි සයුරංගි
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
#sbsaudiopodcastFri, 30 Oct 2026 - 09min - 10375 - ක්‍රීඩා විග්‍රහය: මේ ලැබුණු අවස්ථාව මට සුවිශේෂීයි - ශෂිකලා / මීළඟ ඉලක්කය ලෝක ශූරතා පැරා පදක්කම් - ජනනි සහ ප්‍රදීප් / ලීග් සීමාව ක්‍රීඩකයන්ගේ හොඳටයි කරන්නේ - මහානාම
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
#sbsaudiopodcastFri, 30 Oct 2026 - 08min - 10374 - ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ අපිත් Halloween සමරන්න ඕනෑද?
ඔක්තෝබර් 31 වැනිදා කියන්නේ ලොව පුරා බොහෝ රටවල පුංචි දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා කාගේත් අවධානය දිනාගන්නා විශේෂ දිනයක්. ඒ තමයි Halloween!
Fri, 30 Oct 2026 - 06min - 10373 - SBS සිංහල පුවත්: ව්‍යාපාර සඳහා ඔස්ට්‍රේලියාව තුල ඉතාමත් අහිතකර ප්‍රාන්තය වික්ටෝරියා
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 30 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
#sbsaudiopodcastFri, 30 Oct 2026 - 04min - 10372 - ඕස්ට්‍රේලියාවේ ගෙවල් කුලී ඉහළ දැමීමට සීමාවක් පැනවිය යුතුද? නව සමීක්ෂණයකින් හෙළි වූ තොරතුරු මෙන්න
ඕස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස කුලිය හේතුවෙන් බොහෝ පවුල් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දෙනවා. මේ අතර, ගෙවල් කුලී වැඩි කිරීමට සීමා පැනවිය යුතු බවට නව සමීක්ෂණයකින් ජනතා සහාය පළ වී තිබෙනවා. නමුත් එවැනි සීමා පැනවීමෙන් කුලී නිවැසියන්ට සහනයක් ලැබෙයිද? නැත්නම් නිවාස වෙළෙඳපොළට තවත් ගැටලු ඇති වෙයිද? Australia Institute ආයතනයේ නව සමීක්ෂණය සහ මේ සම්බන්ධයෙන් පළවන විවිධ අදහස් ඇසුරින් සකස් කළ SBS සිංහල කාලීන විග්රහයට සවන් දෙන්න.
Fri, 30 Oct 2026 - 07min - 10371 - 'එක් සමාගමකට ඩොලර් මිලියන 2කට වැඩි බදු මුදලක් ඉතිරි කර දෙන්න අපට හැකි වුණා' – චාගා රත්නවීර
ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර පවත්වාගෙන යන බොහෝ දෙනෙකු බදු සම්බන්ධයෙන් සිදුකරන වැරදි හේතුවෙන් අනවශ්‍ය ලෙස වැඩිපුර බදු ගෙවීමටත්, ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයට (ATO) දඩ මුදල් ගෙවීමටත් සිදුවනවා. ව්‍යාපාරිකයන් බහුලව සිදුකරන බදු සම්බන්ධ වැරදි මොනවාද? ඒවා වළක්වාගෙන නිසි බදු සැලසුම්කරණයක් සිදුකරන්නේ කොහොමද? මේ පිළිබඳව බදු උපදේශිකා චාගා රත්නවීර සමඟ SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
#sbsaudiopodcastThu, 29 Oct 2026 - 14min - 10370 - අපේ වහරේ කතා අහුරක්: යන යකා ඇයි කොරහාත් බිඳ ගෙන යන්නෙ කියලා දන්නවා ද?
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වලව්වක වංශක්කාර පුතෙකුට වැහුණු යකෙක් නිසා වුනු අලකලංචියක් ගැන රස කතාවක්.
#sbsaudiopodcastThu, 29 Oct 2026 - 04min - 10369 - ක්‍රිකට් පුහුණුකාරිනියක ලෙස නව ඉනිමක් අරඹන ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායිකා ශෂිකලා සිරිවර්ධන
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන, දැන් මෙල්බර්න් නුවර ක්‍රිකට් පුහුණුකාරිනියක ලෙස නව ගමනක් ආරම්භ කර තිබෙනවා. ක්‍රීඩිකාවක ලෙස ලැබූ අත්දැකීම් නව පරපුරට ලබාදෙමින් ඇය මෙල්බර්න් නුවර 'Plenty Valley' ක්‍රිකට් සමාජයේ කාන්තා කණ්ඩායම් පුහුණු කිරීමේ කටයුතුවල නිරත වෙනවා.මේ කෙටි විශේෂාංගය ඇය පිළිබඳවයි.
#sbsaudiopodcastThu, 29 Oct 2026 - 03min - 10368 - SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ උද්ධමනය තවත් දිගු කලක් ඉහල මට්ටමක, මහා බැංකු අධිපතිනිය ස්ථිර කරයිThu, 29 Oct 2026 - 05min
- 10367 - Toowoomba මල් සැණකෙළියේ අසිරිය
ක්වීන්ස්ලන්තයේ Toowoomba නගරය කේන්ද්‍ර කර ගෙන පැවැත් වුන මල් සැණකෙළිය ගැන ආචාර්ය සන්ධ්‍යා ගුණසේකර මහත්මිය ගෙන එන සටහන. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcastThu, 29 Oct 2026 - 06min - 10366 - 2026 Royal Adelaide Show රාජකීය දැක්මේ කේක් නිර්මාණයෙන් දස්කම් පෑ මලීෂා ඔකඳපොළ
2026 රාජකීය ඇඩිලේඩ් දැක්මේ කේක් නිර්මාණ ශිල්පිනියක ලෙස පළමු ස්ථාන දෙකකුත් එක් අංශයක සාර්ථකම කේක් සැරසිලිවලට හිමි ජයග්‍රහණයත් ලැබූ මලීෂා ඔකඳපොළගේ අදහස් රැගත් මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.
#sbsaudiopodcastWed, 28 Oct 2026 - 07min - 10365 - සුව දිවිය: මේ ලිංගික සෞඛ්‍ය ගැටළු ඔබටත් තියෙනවා ද? ඒවා වෙනත් සැඟවුණු ආබාධයක පෙර ලකුණු වෙන්න පුළුවන්
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ දෙවැනි කොටස.
#sbsaudiopodcastWed, 28 Oct 2026 - 09min - 10364 - ස්වාධීන මන්ත්‍රිනී හෙලන් හේන්ස් වෙනුවෙන් සංවේදී වූ පාර්ලිමේන්තුව, මන්ත්‍රී ආරක්ෂාව තර වෙයි
සඳුදා (26) රැස් වූ පාර්ලිමේන්තුව සිය සඟයා වන ස්වාධීන මන්ත්‍රිනී හෙලන් හේන්ස් වෙනුවෙන් සංවේදී වුණා. ඇය පිළිබඳ ගෞරවාදරයෙන් යුතුව අදහස් ප්‍රකාශ කළා. මේ සිද්ධියෙන් මන්ත්‍රිනියගේ පාද දෙකම අහිමි වී ඇති අතර, මේ වන විටත් ඇය රෝහලේ බරපතළ නමුත් ස්ථාවර තත්ත්වයෙන් පසුවන බව සඳහන්. අගමැතිවරයා කියා සිටියේ මන්ත්‍රී ආරක්ෂාව තවදුරටත් තර වෙනු ඇති බවයි. මේ විශේෂාංගය ඒ පිළිබඳවයි.
#sbsaudiopodcastWed, 28 Oct 2026 - 05min - 10363 - SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ වැඩිම මරණ සංඛ්‍යාවකට හේතු වන රෝගය බවට ඩිමෙන්ෂියා රෝගය පත්වෙයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
#sbsaudiopodcastWed, 28 Oct 2026 - 06min - 10362 - කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ අලුත් වීසා නීති නිසා සංක්‍රමණික පවුල් රැසකට දෙමාපියන්ගෙන් වෙන්ව ඉන්න වෙලා
ඕස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා අයදුම්පත් 150,000කට අධික සංඛ්‍යාවක් මේ වනිව්ට Backlog වී තිබේ. මේ අතර Visitor visa rules සඳහා මෑතකදී කරන ලද වෙනස්කම් හේතුවෙන් තම මව් රටේ සිටින වයස්ගත දෙමාපියන් සමඟ නැවත එක්වීම තවත් දුෂ්කර වනු ඇති බව අපේක්ෂා කෙරෙයි. මෙවර කාලීන විග්‍රහය මේ පිළිබඳවයි.
Wed, 28 Oct 2026 - 15min - 10361 - ‘ඔස්ට්‍රේලියාවේ පාසල් දරුවන් හා ගුරුවරයා අතර තියෙන අන්තර් සබඳතාව ලංකාවට වඩා මුළුමනින් ම වෙනස්’ - ආචාර්ය රුවන්දිකා පෙරේරා
ලෝක ගුරු දිනය ඔස්ට්‍රේලියාව තුල සැමරෙන්නේ ඔක්තෝබර් මස අවසන් සතියේ දීයි. ඊට සමගාමීව ඔස්ට්‍රේලියාවේ ගුරු වෘත්තියේ අත්දැකීම් පිළිබඳ මේ කතාබහට SBS සිංහල සේවය සමඟ එක් වූයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මොනෑරෝ මහජන උසස් පාඨශාලාවේ ජ්‍යෙෂ්ඨ ගුරුවරියක ලෙස කටයුතු කරන ආචාර්ය රුවන්දිකා පෙරේරා මහත්මියයි.
#sbsaudiopodcastTue, 27 Oct 2026 - 21min - 10360 - විසි වසර සපුරන Sri Lankan Agricola Queensland
ක්වීන්ස්ලන්තයේ ශ්‍රී ලංකා කෘෂි සහ පශු පර්යේෂණවේදීන්ගේ සංවිධානය Sri Lankan Agricola Queensland මේ වසරේ දී සිය 20 වන සංවත්සර සමරනවා. මේ ඒ පිළිබඳ අදහස් දක්වන එහි සභාපති ආචාර්ය ලලිත් කීර්තිරත්න මහතා. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcastTue, 27 Oct 2026 - 10min - 10359 - දකුණු ඕස්ට්‍රේලියාවට රික්ටර් මාපක 4.9ක භූ කම්පනයක්, ඇඩිලේඩ් හෙල්ලෙයි
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට ආසන්න වෙරලට ඔබ්බෙන් මුහුදු පත්ලේ කිලෝමීටර 10පමණ ගැඹුරින් රික්ටර් මාපක 4.9ක භූ කම්පනයක් හටගෙන තිබේ. මෙම භූ කම්පනය හේතුවෙන් ඇඩිලේඩ් නගරයේ නිවාස රැසක් සෙලවූ බවත් එහි බලපෑම Kangaroo Island දක්වා දැනී ඇති බවත් වාර්තා වේ. මේ අතර, ශ්‍රී ලංකාවේ ගංවතුර අවදානම හේතුවෙන් අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා මෙන් ශ්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව
#sbsaudiopodcastTue, 27 Oct 2026 - 02min - 10358 - SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය එක්ව කළ මෙහෙයුමකින් නීතිවිරෝධී ගිනිඅවි 600කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
#sbsaudiopodcastTue, 27 Oct 2026 - 05min - 10357 - වසර 50කට පසු ඔස්ට්‍රේලියාවට ලැබුණු අලුත් ගුවන්තොටුපොළෙන් මගීන්ට ලැබෙන වාසි මොනවාද?
වසර 50කට වැඩි කාලයකට පසු ඔස්ට්‍රේලියාවේ ඉදිකළ පළමු ප්‍රධාන ගුවන්තොටුපොළ වන Western Sydney International Airport නිල වශයෙන් විවෘත කෙරුණා. මේ නව ගුවන්තොටුපොළෙන් ගුවන් මගීන්ට ලැබෙන පහසුකම් මොනවාද? ගුවන් ටිකට්පත් මිල අඩුවෙයිද?
#sbsaudiopodcastTue, 27 Oct 2026 - 05min - 10356 - How people shape change, and why your voice matters | How Australia Works - වෙනසක් වෙනුවෙන් ජනතා හඬ | How Australia Works
Can a small group change a local council decision? When Julie learns her community library may close, she joins other residents in a campaign to save it. Her story explores how you can take part in Australian democracy by signing petitions, attending community meetings, contacting councillors and voting. - කුඩා පුද්ගල කණ්ඩායමකට ප්‍රාදේශීය පාලන තන්ත්රයේ තීරණයක් වෙනස් කළ හැකි ද? ප්‍රජා පුස්තකාලය වසා දමන බව දැනගත් ජූලි සහ ප්‍රදේශවාසීන් ඒ වෙනුවෙන් හඬ නැගූ අයුරු How Australia Works අවසන් කතාංගයෙන්. ඕස්ට්‍රේලියාවේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියේ ප්‍රජා දායකත්වය පිළිබඳ දැනුවත් වෙන්න, සවන් දෙන්න.
How Australia Works is an SBS podcast that uses real stories and clear explanations to help you understand how government work in Australia, how laws are made and changed, and how you can have a say. Listen to the series and find shorter versions in 60 languages on the How Australia Works main page. - How Australia Works is an SBS podcast that uses real stories and clear explanations to help you understand how government work in Australia, how laws are made and changed, and how you can have a say. Listen to the series and find shorter versions in 60 languages on the How Australia Works main page.Tue, 27 Oct 2026 - 08min - 10355 - ලංකාවෙදී කවදාවත්ම හැදුනේ නැති ලෙඩ ඕස්ට්‍රේලියාවේදී හැදෙන්නේ ඇයි, හේතු දැනගන්න
ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් අනතුරුව අසාත්මිකතා ඇතිවීමට බලපාන හේතු, ඒවා හඳුනාගන්නේ කෙසේද සහ ඒවා පාලනය කරගැනීමට අපට කළ හැකි දේ සම්බන්ධයන් වන සාකච්ඡාවට සවන් දෙන්න
Mon, 26 Oct 2026 - 11min - 10354 - SBS සිංහල WorldWatch: සර්බියාවේ ඇරඹි සිසු අරගලය පාර්ලිමේන්තු බලයක් දක්වා පරිවර්තනය වෙයි
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.
#sbsaudiopodcastMon, 26 Oct 2026 - 17min - 10353 - ඔස්ට්‍රේලියාවේ දරු උපත් අඩුවීමට සංක්රමණයෙන් විසඳුමක් ලබාගත හැකිද?
ඔස්ට්‍රේලියාවේ දරු උපත් අනුපාතය වාර්තාගත ලෙස පහළ යද්දී, සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමෙන් ඒ ගැටලුවට විසඳුමක් ලබාගත හැකිද? සංක්‍රමණය, වයස්ගත වන ජනගහනය සහ දරුවන් බිහිකිරීමට ඇති බාධා අතර සම්බන්ධය ගැනයි මේ විමසා බැලීම.
#sbsaudiopodcastMon, 26 Oct 2026 - 04min - 10352 - SBS සිංහල පුවත්: නව වෙස්ටර්න් සිඩ්නි ගුවන්තොටුපළේ පළමු ජාත්‍යන්තර ගුවන් ගමන නවසීලන්තය බලා
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
#sbsaudiopodcastMon, 26 Oct 2026 - 05min - 10351 - කාලීන විග්‍රහය: විසි හතර පෑ ගමන් යන වෙස්ටර්න් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනතා අයිතියට
ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සිඩ්නි නුවර දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන වෙස්ටර්න් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉරිදා දවසේ විවෘත කෙරුණා. මේ වසර 50කට වැඩි කාලයකට පසු ඕස්ට්‍රේලියාවේ ඉදි කළ පළමු ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. පැය 24 පුරා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවත් සමඟ සිඩ්නි කිංග්ස්ෆර්ඩ් ස්මිත් ගුවන් තොටුපළට විකල්පයක් සැපයීම මෙහි ප්‍රධාන අරමුණක්. මෙවර කාලීන විග්‍රහය වෙස්ටර්න් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිළිබඳවයි.
Mon, 26 Oct 2026 - 10min - 10350 - මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ඔක් 19 - ඔක් 23
ඔක්තෝබර් 19වන දා සිට ඔක්තෝබර් 23වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
Sat, 24 Oct 2026 - 05min - 10349 - Tassie මංසල: ලාංකේය සිහින තරුව විශ්මිකගේ ටැසී ජීවිතේ, කුරුලු උණ ටස්මේනියාවේ උඩුදුවලා ද? ටැසී කෙළිබිමේ උණුසුම ගැන තොරතුරු මෙවර විශේෂාංගයෙන්
ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය.
#sbsaudiopodcastFri, 23 Oct 2026 - 15min - 10348 - තරුෂි එක්ක තරු කතා: සිනමා සක්විතිගේ චරිතය රඟපාන්න බලාගෙන හිටපු අය ඉඳිද්දී ඒ චරිත මට ලැබුණ එක මගේ වාසනාව - ජනිත් වික්‍රමගේ
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
#sbsaudiopodcastFri, 23 Oct 2026 - 09min - 10347 - ක්‍රීඩා විග්‍රහය: එංගලන්තය දණ ගැස්සූ සිංහයෝ / ආසියානු පැරා උළෙලෙන් ලංකාවට පදක්කම් 4ක් / ක්‍රිකට් නිසා ඇවිලුනු පාර්ලිමේන්තුව
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
#sbsaudiopodcastFri, 23 Oct 2026 - 08min - 10346 - 'බැඳලා දැන් කාලයක් නේද? බබෙක් ගැන හිතන්නේ නැද්ද?' – ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර දරුවන් බිහිකිරීමෙන් ඈත් වන ලකුණු
“බැඳලා දැන් කාලයක් නේද? බබෙක් ගැන හිතන්නේ නැද්ද?” මේ ප්‍රශ්නයට පිළිතුර හැමවිටම සරල නැහැ. කෙනෙකුට දරුවෙක් අවශ්‍ය වුණත්, නිවාස මිල සහ ජීවන වියදම නිසා එය දරාගන්න අමාරු විය හැකියි. තවත් කෙනෙක් දේශගුණික විපර්යාස, යුද්ධ සහ අනාගතය ගැන සිතා දරුවන් නොලැබීමට තීරණය කරනවා. මේ පෞද්ගලික තීරණ එකතු වෙලා ඕස්ට්‍රේලියාවේ දරු උපත් අනුපාතය සෑම ප්‍රාන්තයකම පාහේ අඩුවෙමින් යනවා. ඒ පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
#sbsaudiopodcastFri, 23 Oct 2026 - 05min - 10345 - SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව සහ නැගෙනහිර ටිමෝරය අතර ඩොලර් මිලියන 62 ක ආරක්ෂක ගිවිසුමක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 23 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
#sbsaudiopodcastFri, 23 Oct 2026 - 04min - 10344 - හෙලන් හේන්ස් මන්ත්‍රීවරිය අනතුරකට මුහුණදීම ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ගේ ආරක්ෂාව ගැන මතු කරන ප්‍රශ්න මොනවාද?
වික්ටෝරියා ප්‍රාන්තයේ Wangaratta නගරයේ තම මැතිවරණ කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට සිටියදී, ෆෙඩරල් මන්ත්‍රී Helen Haines රථයක ගැටී බරපතළ තුවාල ලැබූ සිද්ධිය මේ වනවිට ඔස්ට්‍රේලියාව පුරා විශාල අවධානයක් දිනාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එරෙහි තර්ජන, හිරිහැර සහ ප්රචණ්ඩ හැසිරීම්වල අවදානම මේ සිද්ධියත් සමඟ තවත් අවධානයට ලක්වෙලා තියෙනවා. මෙවැනි සිදුවීම් තවමත් දුර්ලභ වුණත්, දේශපාලන තර්ජන සහ හිරිහැර සැලකිය යුතු ලෙස වැඩිවෙමින් ඇති බව විශේෂඥයන් අනතුරු අඟවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්
Fri, 23 Oct 2026 - 04min - 10343 - සුන්දර ඩාවින්: සමරේ දැකපු ඩාවින්, පළමු ලාංකික එකමුතුව SLAFA ගැන කියන සුසිත්, උතුරු ඔස්ට්‍රේලියාවේ ජීවිතය ගැන ගීයක් තැනූ අක්ෂි මෙවර විශේෂාංගයෙන්
ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය.
#sbsaudiopodcastThu, 22 Oct 2026 - 40min - 10342 - අපේ වහරේ කතා අහුරක්: මුව හමට තඩි බාපු ගොයියාගේ කතාව
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මුවෙක් නිසා ඇබැද්දියක් වුන ගොවි මහත්තයෙක් ගැන රස කතාවක්.
#sbsaudiopodcastThu, 22 Oct 2026 - 03min - 10341 - SBS සිංහල පුවත්: වසර 15කට පසු පළමු වරට ඕස්ට්‍රේලියාවේ සියලු ප්‍රධාන නගරවල නිවාස මිල පහළටThu, 22 Oct 2026 - 05min
- 10340 - 2025-26 Tax Return එකේ අන්තිම දවස නොවැම්බර් 2 වැනි සඳුදා, නැත්නම් දඩ
2025–2026 මූල්‍ය වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මෙතෙක් භාරදී නොමැති ඕස්ට්‍රේලියානුවන්ට නියමිත කාලසීමාව තුළ එම වාර්තා භාරදීමට පියවර ගන්නා ලෙස ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය හෙවත් ATO සිහිපත් කර තිබෙනවා. නියමිත කාලසීමාව තුළ බදු වාර්තා භාර නොදීම හේතුවෙන් පුද්ගලයන්ට ඩොලර් 1,820ක් දක්වා දඩ මුදලක් පැනවීමේ හැකියාව පවතිනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
Thu, 22 Oct 2026 - 03min - 10339 - Walk for Peace in Adelaide – ඇඩිලේඩ් සාම පාගමනට ඔබටත් ආරාධනා
ඇඩිලේඩ් රොටරි සමාජය සංවිධාන කරන සාම පාගමනක් පිළිබඳ එම සමාජයේ සාම ප්‍රවර්ධන කමිටු ප්‍රධානී Heidi Unferdorben ලාංකීය ප්‍රජාව වෙත ලබා දෙන පණිවුඩය. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcastThu, 22 Oct 2026 - 03min - 10338 - ‘අපේ ලේ වලටම දැනෙන අපේකම අනාගත පරපුර වෙනුවෙන් දායාද කරන අරමුණෙනුයි මේ ගීනළුව බිහි කළේ’ - විශාරද සමන්ත පෙරේරා සහ කලා කීර්ති රවිබන්දු විද්‍යාපති
Exclusive: පර්ත් සිංහල පාසල එළැඹෙන ඔක්තෝබර් 25 වෙනිදා ඉදිරිපත් කිරීමට සූදානම් වන ‘ආලකමන්දාවේ ආදර උයන’ ප්‍රථම ජාත්‍යන්තර සිංහල ඔපෙරාවේ සංගීත අධ්යක්ෂ විශාරද සමන්ත පෙරේරා මහතා සහ නර්තන අධ්යක්ෂ කලා කීර්ති රවිබන්දු විද්‍යාපති මහතා SBS සිංහල බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වාර්තාකාරිණී දුලාංජලී විජේතිලක සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව.
#sbsaudiopodcastWed, 21 Oct 2026 - 19min - 10337 - ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියානු මහ බැංකුවට මේ වසර තුල කිහිප වරක් පොලී අනුපාත ඉහළ දමන්න බලපෑ හේතු මෙන්න
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව පසුගිය සැප්තැම්බර් මාසයේ දී පොලී අනුපාත යළිත් ඉහළ දැමීමට බලපෑ හේතු පිළිබඳවයි.
#sbsaudiopodcastWed, 21 Oct 2026 - 08min - 10336 - ඔබේ භාෂාව පිළිබඳ SBS මව් ආයතනයට කියන්න, SBS Language Services Review 2026/27 සමඟ එක්වන්න
SBS සෑම වසර පහකට වරක් සිදු කරන භාෂා සමාලෝචනය SBS Language Services Review නම් වේ. ඕස්ට්‍රේලියාවේ ජාතික ජන සංගණනය හා සමගාමීව පැවැත්වෙන මේ ක්‍රියාවලිය ඔස්සේ රටේ ජන සංයුතියට සහ භාෂා විවිධත්වයට අනුකුල වන පරිදි සේවා ලබා දීම අපේක්ෂා කරයි. ඉදිරි වසර සඳහා SBS සිංහල සේවයේ වෙනස්කම් - නොවෙනස්කම් ඔබේ ප්‍රතිචාර මත තීරණය වේ. නොවැම්බර් 13වන දා දක්වා සමාලෝචනය මහජනතාවට විවෘතයි. ඒ සඳහා අත්වැල් බැඳගන්නට කරන කාරුණික ආරධනයයි මේ.
#sbsaudiopodcastWed, 21 Oct 2026 - 06min - 10335 - SBS සිංහල පුවත්: බදු වාර්තා ප්‍රමාද කළොත් ඩොලර් 1,820ක් දක්වා දඩ, ATO ආයතනය අනතුරු අඟවයි
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
#sbsaudiopodcastWed, 21 Oct 2026 - 05min - 10334 - සමාජ සබඳතා තිබෙන්නේ ඕස්ට්‍රේලියානුවන්ගෙන් 21% කට පමණයි, අලුත්ම සමීක්ෂණයක් හෙළිකරයි
මානසික සෞඛ්‍යය පිළිබඳව වන ඔක්තෝබර් මාසය තුල, මානසික යහපැවැත්ම සඳහා සමාජ සබඳතාවල ඇති වැදගත්කම කෙරෙහි අවධානය යොමු කෙරෙමින් පවතී. නමුත් ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 21 ක් පමණක් අන් අය සමඟ සම්බන්ධ වී ඇති බව නව සමීක්ෂණයකින් හෙළිව තිබේ. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
Wed, 21 Oct 2026 - 09min - 10333 - ‘ලංකාවේ තරුණ අරගලය එක්ක බලද්දී ප්‍රංශ තරුණ විරෝධතා වල කැපී පෙනෙන වෙනසක් තියෙනවා’ - ප්‍රවීණ මාධ්‍යවේදී දිල්ශාන් කීර්තිසර
ප්‍රංශයේ තරුණ පාසල් දරුවන් ඔවුන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා ගැන සඳහන් කරමින් ආරම්භ කල විරෝධතාවට පසුගිය සතිය වන විට තවත් ප්‍රජා කණ්ඩායම් වල එකතු වීමත් සමඟ දැඩි ප්‍රචණ්ඩකාරී විරෝධතාවක ස්වභාවයකට පත් වුනා. මේ ඒ පිළිබඳ ප්‍රංශයේ පැරිස් නුවර සිට SBS සිංහල සේවය හා අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී දිල්ශාන් කීර්තිසර මහතා.
#sbsaudiopodcastTue, 20 Oct 2026 - 12min - 10332 - ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 716ක් අමතක වෙලා, ඔබේ සල්ලිත් තියෙනවද කියල දැන්මම හොයල බලන්න
ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 716ක මුදලක් සඳහා හිමිකරුවන් නොමැති බවත් ඒවා බෙදා දීම සඳහා නිසි හිමිකරුවන් සෙවීමත් මේ වනවිට සිදු වෙමින් පවතී. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විශාල පිරිසක් මේ සඳහා හිමිකම් කීම සිදු වන අතර ඇතැම් පිරිසක් වෙනත් ප්‍රාන්ත සහ ටෙරිටරි වල මේ වනවිට ජිවත් වන බවත් බලධාරීන් පවසයි. කෙසේ නමුත් මේ මුදල් අතර තමාගේ මුදල් තිබේද යන්න පිළිබඳව සොයා බලන ලෙසත් ඔවුන් සඳහන් කරයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
Tue, 20 Oct 2026 - 03min - 10331 - SBS සිංහල පුවත්: මන්ත්‍රී හෙලන් හේන්ස් අනතුරකට ලක්වීම හිතාමතා සිදු කළ ක්‍රියාවක්දැයි සොයා පුළුල් විමර්ශන
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 20වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
#sbsaudiopodcastTue, 20 Oct 2026 - 05min - 10330 - ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන් 78,000කට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය අත්හැරීමට සිදුවෙයිද? රජයේ අලුත් යෝජනාව ගැන විවාදය
වයස අවුරුදු 65ට වැඩි ඕස්ට්‍රේලියානුවන්ට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය සඳහා ලබාදෙන අමතර රජයේ සහනය ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. එමගින් ඉතිරි වන මුදල්, වැඩිහිටි සත්කාර සේවා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා යොදාගැනීමට රජය අපේක්ෂා කරනවා. කෙසේවෙතත්, මෙම වෙනස හේතුවෙන් රක්ෂණ වියදම් දරාගැනීමට අපහසු වී, 2030 වසර වනවිට වැඩිහිටියන් 78,000කට ආසන්න පිරිසක් තම පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය අත්හැරිය හැකි බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නව ඇස්තමේන්තු පෙන්වා දෙනවා. මෙම යෝජනාව වටා මතුව ඇති විවාදය පිළිබඳවයි අද කාලීන විග්‍රහයෙන් අවධානය යොමු කරන්නේ.
Tue, 20 Oct 2026 - 05min - 10329 - How laws change, and why it takes time | How Australia Works - පවතින නීතියක් වෙනස් වන අයුරු | How Australia Works
How do laws change in Australia? Through Rodney Croome’s campaigns for human rights and marriage equality, learn how personal stories, community action, courts and parliament can help change the law, and why the process can take time. - ඕස්ට්‍රේලියාවේ නීති වෙනස් වීමේ ක්‍රියාවලිය සිදු වන්නේ කෙසේ ද? මානව අයිතීන් සහ විවාහ සමානාත්මතාව වෙනුවෙන් රොඩ්නි කෲම් ආ ගමන් මග ඒ පැනයට පිළිතුරක්. නීතියක් වෙනස් කිරීමේ දී ජීවන අත්දැකීම්, ප්‍රජාව, අධිකරණ සහ පාර්ලිමේන්තුව උපකාර කරන අයුරුත්, ඒ සඳහා ගත වන කාලය පිළිබඳවත් මෙවර How Australia Works කතාංගයෙන්.
How Australia Works is an SBS podcast that uses real stories and clear explanations to help you understand how government work in Australia, how laws are made and changed, and how you can have a say. Listen to the series and find shorter versions in 60 languages on the How Australia Works main page. - How Australia Works is an SBS podcast that uses real stories and clear explanations to help you understand how government work in Australia, how laws are made and changed, and how you can have a say. Listen to the series and find shorter versions in 60 languages on the How Australia Works main page.Tue, 20 Oct 2026 - 08min - 10328 - ඕස්ට්‍රේලියාවට Student visa එකෙන් එද්දී ඇත්තටම dependant කෙනෙක් එක්ක එන්නම බැරිද - ඕස්ට්‍රේලියාවේ වීසා
2026 ඔක්තෝබර් සිට ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා වල සිද්ධ වූ වෙනස්කම්, ඒවා ක්‍රියාත්මක වන අකාරය සහ අදාළ පිර්සට ඒවා බලපාන්න ආකාරය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Mon, 19 Oct 2026 - 10min - 10327 - පර්ත් නුවරුන් මුසපත් කරන්නට සැරසෙන ‘ආලකමන්දාවේ ආදර උයන’ සිංහල ඔපෙරාව
පර්ත් නුවර දී එළැඹෙන ඔක්තෝබර් 25 වෙනිදා ප්‍රදර්ශන කිරීමට සූදානම් වන පළමු ජාත්‍යන්තර සිංහල ඔපෙරාව “ආලකමන්දාවේ ආදර උයන” පිළිබඳ එහි රචක සහ පර්ත් සිංහල පාසලේ ගුරුදෙගුරු කමිටු සභාපති සේනක ද සිල්වා මහතා සමඟ කළ කතාබහ. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිණී දුලාංජලී විජේතිලක ‘පර්ත් තතු මංජරී’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcastMon, 19 Oct 2026 - 11min - 10326 - SBS සිංහල WorldWatch: ප්‍රංශය දවාලන ජන විරෝධයේ ලැව්ගිනි
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.
#sbsaudiopodcastMon, 19 Oct 2026 - 16min - 10325 - ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 5%කට ආසන්න මට්ටමකට ඉහළ යයි
හොඳ රැකියාවක් සොයාගෙන, ජීවිතය ගොඩනගාගන්න පුළුවන් රටක් විදියට තමයි බොහෝ දෙනා ඕස්ට්‍රේලියාව දකින්නේ. නමුත් රැකියාවක් හොයාගන්න එක අමාරු වෙනවා නම්, ඔස්ට්‍රේලියාවට සංක්රමණිකයින්ගේ පැමිණීම අඩුවෙයිද? ඔස්ට්‍රේලියාවට ඉදිරියේදී පැමිණෙන නිපුනතා සහිත සංක්රමණිකයින්ගේ ප්‍රමාණය අඩු වෙයිද? මේ පිළිබඳව අප ගෙන එන කෙටි විශේෂාංගයට සවන් දෙන්න
#sbsaudiopodcastMon, 19 Oct 2026 - 04min - 10324 - SBS සිංහල පුවත්: කොවිඩ්-19 එන්නතට ඩොලර් 180 දක්වා ගාස්තුවක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
#sbsaudiopodcastMon, 19 Oct 2026 - 05min - 10323 - කාලීන විග්‍රහය: කාන්තා සෞඛ්‍යය පිළිබඳ ලොව ප්‍රමුඛතම අධ්‍යයනයක් වන Australian Longitudinal Study on Women's Health වසර 30ක මෙහෙවර සමරයි
කාන්තාවන්ගේ සෞඛ්‍යය, මානසික තත්ත්වය සහ ජීවන අත්දැකීම් පිළිබඳ වසර 30ක් මුළුල්ලේ සිදු වෙමින් පවතින ඕස්ට්‍රේලියානු අධ්‍යයනක් පසුගිය දා සිය සංවත්සරය සැමරුවා. ගෘහස්ත ප්රචණ්ඩත්වය කාන්තාවන්ගේ ජීවිතවලට දිගුකාලීනව ඇති කරන බලපෑම පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් සහ පෙර හඳුනාගෙන තිබූ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයෙන් පෙළෙන බව අනාවරණය වීමත් එහි නවතම සොයාගැනීම් අතරේ. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
#sbsaudiopodcastMon, 19 Oct 2026 - 08min - 10322 - මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ඔක් 12 - ඔක් 16
ඔක්තෝබර් 12වන දා සිට ඔක්තෝබර් 16වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
#sbsaudiopodcastSat, 17 Oct 2026 - 06min - 10321 - පර්ත් තතු මංජරී: පළමු ජාත්‍යන්තර සිංහල ඔපෙරාවේ සූදානම, සාර්ථක ව්‍යවසායකත්වයේ Colombo Express සලකුණ, ගැයුමට ඉගැනුමට හපන් සෙසන්දි මෙවර විශේෂාංගයෙන්
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී විජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය.
#sbsaudiopodcastFri, 16 Oct 2026 - 43min - 10320 - තරුෂි එක්ක තරු කතා: මගේ හිතට බයක් දුකක් හරි කරදරයක් දැනුනාම මං කරන්නේ ඔරසන් කියන එක - ශේෂාද්‍රි ප්‍රියසාද්
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
#sbsaudiopodcastFri, 16 Oct 2026 - 09min - 10319 - ක්‍රීඩා විග්‍රහය: ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආගමික බලවේගයකට නතු වෙලා’ - හිටපු ඇමති දයාසිරි / ‘දේශපාලනයෙන් ක්‍රිකට් බේරගන්න තමයි අලුත් පනත ගෙනාවේ’ - ක්‍රීඩා ඇමති සුනිල් / ශ්‍රී ලංකා යෞවනියෝ අද අවසන් මහා තරගයට
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
#sbsaudiopodcastFri, 16 Oct 2026 - 08min - 10318 - 'Hack' කරන්න අමාරු ශක්තිමත් Password එකක් හදාගන්නේ කොහොමද?
අලුත් පාස්වර්ඩ් එකක් හදන්න ගියාම, කැපිටල් අකුරක් යොදන්න, අංකයක් යොදන්න, විශේෂ සංකේතයක් භාවිතාකරන්න, කියලා ඔබටත් කියනවා නේද? නමුත් මේ නීති ප්‍රකාශකළ ආයතනයම දැන් කියන්නේ, සංකීර්ණකමට වඩා පාස්වර්ඩ් එකේ දිග වැදගත් කියලයි. එහෙනම් වර්තමානයේ ඔබේ ගිණුම් ආරක්ෂා කරගන්න හොඳ පාස්වර්ඩ් එකකට ඇත්තටම වැදගත් දේවල් මොනවාද? ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Fri, 16 Oct 2026 - 06min - 10317 - SBS සිංහල පුවත්: සංක්‍රමණික කාන්තාවන් තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිය කුසලතා මට්ටමට වඩා පහළ රැකියා වල නිරත වන බවට අගමැතිගෙන් හෙළිදරව්වක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
#sbsaudiopodcastFri, 16 Oct 2026 - 04min - 10316 - එගොඩ මෙගොඩ නෑකම් අලුත් කරන්න සැරසෙන Spirit of Tasmania
ටස්මේනියා දූපතත් වික්ටෝරියා ප්‍රන්තයත් බාස් සමුද්‍ර සන්දිය හරහා සම්බන්ධ කරන මගී ප්‍රවාහන විශාල නෞකා සේවයක් වන Spirit of Tasmania හි නවතම සේවා යාවත්කාලීන කිරීමක් පිළිබඳ මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcastFri, 16 Oct 2026 - 02min - 10315 - ලංකාවෙන් එන දක්ෂ සංක්‍රමණිකයින්ට කෙටි කාලයකින් ‘Company Sponsorship’ ලැබුණත්, මේ වගේ වැරදි නිසා 'PR' ගමන අසීරු වෙන්න පුළුවන්
‘The Road to Australia – ඔස්ට්‍රේලියාවට මග’ Facebook ප්‍රජාවේ නිර්මාතෘ සහ වර්තමානයේ ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන වන වරුණ සෙනෙවිරත්න සහ සුරංග ප්‍රසාද් සමඟ SBS සිංහල සේවය ඉදිරිපත් කරන 'ඔස්ට්‍රේලියාවට හරි පාරෙන්' මේ විශේෂ සාකච්ඡා මාලාවේ දෙවන කොටසයි මේ. ලංකාවෙන් එන දක්ෂ නිපුනතා සංක්‍රමණිකයින් අතින් සිදුවන ඇතැම් අතපසුවීම් හේතුවෙන් ඔවුනට පහසුවෙන් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඇති අවස්තාව අහිමි කර ගන්නවා. ඒ පිලිබදව අප සිදුකරන කතාබහට සවන් දෙන්න.
#sbsaudiopodcastThu, 15 Oct 2026 - 15min - 10314 - පළමු නිවස මිල දී ගන්න ඉන්න අයට ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවරින් ලැබෙන මේ වාසි ගැන දන්නවා ද?
නිවාස සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට කැන්බරා අගනුවරින් ලැබෙන මේ වාසි ගැන පැහැදිලි කරන්නේ ලියාපදිංචි ණය තැරැව්කරු ෆයිසාල් දේවා මහතා. මේ වැඩසටහන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcast #sbssinhalaThu, 15 Oct 2026 - 09min - 10313 - අපේ වහරේ කතා අහුරක්: ලොකු හාමුගේ කෝප්පෙ
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වලව්වකට ගොඩවැදුනු හිඟන මනුස්සයෙක් ගැන රස කතාවක්.
#sbsaudiopodcastThu, 15 Oct 2026 - 03min - 10312 - ඥානසාර හිමිගේ සිවුර ගැන ඇතිවූ කතාබහෙන් පසු ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නීතිවල වෙනසක්
සිරදඬුවමක් විඳින ස්වාමින් වහන්සේ නමක් උසාවියට රැගෙන යද්දී, සිවුරෙන්ද රැගෙන යන්න ඕනෑ? නැත්නම් බන්ධනාගාර ඇඳුමෙන්ද? පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ මේ ගැන ලොකු කතාබහක් ඇතිවුණා. දැන් ඒ සම්බන්ධ බන්ධනාගාර නියෝග වෙනස් කරන්න පියවර ගෙන තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්
Thu, 15 Oct 2026 - 03min - 10311 - SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවට ස්මාර්ට් කන්නාඩි ආනයනය වසරකට තහනම් කරන්න, Greens පක්ෂය කියයිThu, 15 Oct 2026 - 05min
- 10310 - ඉහළ ම ඉතුරුම් පොලී අනුපාතය සියයට 6ක් දක්වා, නිවාස මිල පහළ යාම නුදුරේ දී නතර විය හැකි බවට අනාවැකි
ඕස්ට්‍රේලියාවේ සමහර බැංකු ගිණුම්වල සාමන්‍ය ඉතුරුම් පොලී අනුපාතය සියයට හයක මට්ටමට ළඟා වී තිබේ. එම මට්ටමේ පොලී අනුපාතයක් දක්නට ලැබී ඇත්තේ දශකයකටත් වැඩි කාලයකට පසුව බව Canstar ආයතනයේ පර්යේෂණයක් හෙළි කරයි. realestate.com.au වෙබ් අඩවියේ නව නිවාස දැන්වීම්වල ප්‍රමුඛස්ථානය සිඩ්නි මෙල්බර්න් වෙත. වැඩිදුර විස්තර සඳහා සවන් දෙන්න.
#sbsaudiopodcastThu, 15 Oct 2026 - 04min - 10309 - 'ඔස්ට්‍රේලියාවේ නීති කවුන්සිලය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අවබෝධතාව දැනුම හුවමාරුවට වගේම අභියෝග වල දී සහයෝගය පිණිසත් හේතු වේවි' - නීතිඥ රජීව් අමරසූරිය
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඔස්ට්‍රේලියාවේ නීති කවුන්සිලය විශේෂ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබුණා. ඒ පසුගිය දා නිමාවට දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත් වූ LAWASIA සමුළුව අතරතුර දීයි. මේ ඒ පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.
#sbsaudiopodcastWed, 14 Oct 2026 - 05min - 10308 - සුව දිවිය: ලැජ්ජාව හෝ බය නිසා ඔබත් ලිංගික සෞඛ්‍ය ගැන නොසලකා හරිනවා ද?
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පළමු වැනි කොටස.
#sbsaudiopodcastWed, 14 Oct 2026 - 10min - 10307 - අන්දරේයි, හාමිනෙයි, මහ රැජිනයි ඇඩිලේඩ් වේදිකාවට
ඉංග්‍රීසි බසින් නිපදවූ ළමා ප්‍රහසනයක් වන ‘Andare’s Wife and the Queen’ ඇඩිලේඩ් හි දී වේදිකාගත වීමට නියමිතයි. මෙම නිර්මාණය ඇඩිලේඩ් හි Robins Academy යේ නිර්මාතෘ හා අධ්‍යක්ෂිකා නැටලි රොබින්ස් මහත්මියගේ නිෂ්පාදනයක්. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcastWed, 14 Oct 2026 - 16min - 10306 - නිව්කාසල් නගරයේ ජනකායක් අතරට මෝටර් රථයක් කඩා වැදුණු සිද්ධියේ 18 හැවිරිදි රියදුරාට තවත් චෝදනා
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ, සිඩ්නි නුවරට උතුරින් පිහිටි නිව්කාසල් නගරයේ, NRL රග්බි ලීග් කණ්ඩායමකට සමුදීමට රැස්ව සිටි පිරිසක් අතරට මෝටර් රථයක් කඩා වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ රියදුරාට දැන් නව චෝදනා එල්ල කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ කෙටි විශේෂාංගයෙන්
#sbsaudiopodcastWed, 14 Oct 2026 - 03min - 10305 - SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ඉහල උද්දමන තත්වය 2027 වසරේදීත් පවතිනු ඇති බවට අනාවැකි
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
#sbsaudiopodcastWed, 14 Oct 2026 - 05min - 10304 - කාලීන විග්‍රහය: අනාගත දරු උපතකට ඩිම්බ අධිශීත තත්ත්වයේ තැබීම, වියදම සහ ගැටලු
ඕස්ට්‍රේලියාවේ ජාතික උපත් අනුපාතය පහත වැටෙමින් තිබේ. එසේ ම ඕස්ට්‍රේලියානුවන් දෙමව්පිය සිහිනය කල් දැමීමේ ප්‍රවණතාවක් ද පවතියි. ඩිම්බ පරීක්ෂණ සහ අනාගතයේ දී දරු සම්පතක් ලබාගැනීම වෙනුවෙන් ඩිම්බ අධිශීත කිරීමට යොමු වන කාන්තාවන්ගේ සංඛ්‍යාවත් මෑත වසරවල දී කැපී පෙනෙන ලෙස ඉහළ ගොසින්. ඩිම්බ තැන්පත් කිරීම සහ භාවිතයට නොගන්නේ නම් ඒවා බැහැර කිරීම පිළිබඳ ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා වෙනස් නෛතික තත්ත්ව පවතියි. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
#sbsaudiopodcastWed, 14 Oct 2026 - 09min - 10303 - 'භාෂා ඉගෙන ගන්න දරුවන්ට රජය විශාල වැදගත්කමක් ලබා දෙනවා', NSW සිංහල භාෂා පාසල් යාන්ත්‍රණය පිළිබඳ ඔබට කියන රේණු ලියනගේ
නිව් සවුත් වේල්ස් සිංහල සංස්කෘතික හමුවේ අධ්‍යාපන ඒකකය සංවිධානය කළ ළමා විවධ ප්‍රසංගයක් සැප්තැම්බර් 26වෙනි දා සාර්ථකව පැවැත්වුණා. එය නිමිති කරගත් මේ විශේෂාංගය ප්‍රාන්තයේ සිංහල භාෂා අධ්‍යාපනය, ඉගෙනුම් ක්‍රියාවලිය, අමතර ක්‍රියාකාරකම් සහ ප්‍රාන්ත රජය භාෂා ඉගැන්වීමට දක්වන සක්‍රිය දායකත්වය පිළිබඳවයි.
#sbsaudiopodcastTue, 13 Oct 2026 - 18min - 10302 - පර්ත් ගමේ සුළු කවියා - කිවිඳු සුනිල් ගෝවින්නගේ මතක සැමරුම
පර්ත් නුවර ජීවත්ව සිට සමුගත් ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය සුනිල් ගෝවින්නගේ මහතා පිළිබඳ ආචාර්ය දිල්හානි කපු ආරච්චිලාගේ මහත්මිය ගෙන එන මතකානුස්මරණය. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිණී දුලාංජලී විජේතිලක ‘පර්ත් තතු මංජරී’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcastTue, 13 Oct 2026 - 17min - 10301 - නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ ප්‍රසංගයක දී හෝ ඉසව්වක දී ලංකාවේ ගීත ගයන්න, සංගීතය වාදනය කරන්න අවසර ගන්න ඕන ද?
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ වැඩසටහන ඔස්ට්‍රේලියාව තුල බලපැවැත්වෙන බුද්ධිමය දේපළ හා ප්‍රකාශන හිමිකම් නීති සහ ක්‍රමවේද පිළිබඳවයි.
#sbsaudiopodcastTue, 13 Oct 2026 - 10min - 10300 - ඔස්ට්‍රේලියාවේ අගනුවර කැන්බරා මීට වසර දහස් ගණනකට පෙර භාවිතා වුනේ මොනවාට ද කියලා දන්නවා ද?
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් සම්පාදනය කල ප්‍රභාශ්‍රී හේරත් ඉදිරිපත් කරන මේ වැඩසටහනට සවන් දෙන්න.
#sbsaudiopodcast #sbssinhalaTue, 13 Oct 2026 - 05min - 10299 - SBS සිංහල පුවත්: සෞඛ්‍ය, ආබාධිත සහ ප්‍රජා සේවා ක්ෂේත්රවල සේවකයන් 460,000කට වැඩි පිරිසකට වැටුප් වැඩිවීමක්
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
#sbsaudiopodcastTue, 13 Oct 2026 - 05min - 10298 - 'Credit Card' එකෙන් ATO බදු ගෙවීමට ඇති අවස්ථාව 2027 ජූනි දක්වා දිගු කරයි
ATO ආයතනයේ බදු බිල්පත් 'Credit Card' මගින් ගෙවීමේ අවස්ථාව 2027 ජූනි දක්වා ලබාදෙන බවට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසනවා. මීට පෙර 2026 දෙසැම්බර් සිට Credit Card ගෙවීම් නවතා දැමීමට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) සැලසුම් කළත්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ව්‍යාපාරික කණ්ඩායම් කිහිපයක විවේචන හමුවේ එම තීරණය කල් දමා තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
#sbsaudiopodcastTue, 13 Oct 2026 - 05min - 10297 - How laws are made, and how they affect you | How Australia Works - නීතියක් හැදෙන්නේ මෙහෙමයි | How Australia Works
How are laws made in Australia? Through Wurundjeri Elder Uncle Dave Wandin’s story of the Birrarung, also known as the Yarra River, learn how an idea becomes a bill, passes through Victoria’s parliament and receives royal assent, the formal approval that makes it law. - Birrarung හෙවත් යාරා නදිය පිළිබඳ වුරුන්ජරි වැඩිහිටියෙකු වන අන්කල් ඩේව් ගෙන එන කතාව ඕස්ට්‍රේලියාවේ නීති සම්පාදනය පිළිබඳ ඔබට පැහැදිලි විස්තරයක් ලබා දෙයි. අදහසක් පනත් කෙටුම්පතක් වීමේ සිට වික්ටෝරියා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමෙන් සම්මත වී, රාජකීය අනුමැතිය ලැබීම දක්වා ඕස්ට්‍රේලියාවේ නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විස්තර How Australia Works තෙවන කතාංගයෙන්.
How Australia Works is an SBS podcast that uses real stories and clear explanations to help you understand how government work in Australia, how laws are made and changed, and how you can have a say. Listen to the series and find shorter versions in 60 languages on the How Australia Works main page. - How Australia Works is an SBS podcast that uses real stories and clear explanations to help you understand how government work in Australia, how laws are made and changed, and how you can have a say. Listen to the series and find shorter versions in 60 languages on the How Australia Works main page.Tue, 13 Oct 2026 - 09min - 10296 - ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න යනවනම්, නොකරම ඉන්න ඕනේ වැරදි මෙන්න
දේපළක් මිලදී ගැනීමේදී ගැනුම්කරුවන් සිදු කරන විශාලතම වැරදි සහ ඒවා මගහරිමින් මුදල් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න ගැන SBS සිංහල සේවය සිදු කල මේ සාකච්ඡාවට සවන් දෙන්න.
Mon, 12 Oct 2026 - 10min
Podcasts similares a SBS Sinhala - SBS සිංහල වැඩසටහන
El Partidazo de COPE COPE
Herrera en COPE COPE
La Linterna COPE
Es la Mañana de Federico esRadio
La noche de Cuesta esRadio
La Trinchera de Llamas esRadio
Hondelatte Raconte Europe 1
Affaires sensibles France Inter
LEGEND Guillaume Pley
El colegio invisible OndaCero
La Rosa de los Vientos OndaCero
Les grands dossiers de l'Histoire par Franck Ferrand Radio Classique
Espacio en blanco Radio Nacional
Entrez dans l'Histoire RTL
Le grand récit RTL
Les Grosses Têtes RTL
L'Heure Du Crime RTL
Parlons-nous RTL
El Larguero SER Podcast
Nadie Sabe Nada SER Podcast
SER Historia SER Podcast
Todo Concostrina SER Podcast
Un Libro Una Hora SER Podcast
HISTORIAS DE LA HISTORIA VIVA RADIO
The Bolt Report News24
Credlin News24
Ben Fordham Live on 2GB Breakfast Radio 2GB
Mornings with Mark Levy Tapt Media
The Karl Stefanovic Show Karl Stefanovic
Paul Murray Live News24
The Rest Is Politics: US Goalhanger
Global News Podcast BBC World Service
You Cannot Be Serious Sam Newman
Nights with John Stanley Tapt Media
Dateline NBC NBC News
Sharri Sky News Australia / NZ
Ukraine: The Latest The Telegraph
Kenty - Paul Kent NRL Podcast FanaticsTV
Late Night Live — Full program podcast ABC Australia
The Bye Round With James Graham James Graham
The Rita Panahi Show News24
Americast BBC News
The Last Word with Lawrence O’Donnell Lawrence O'Donnell, MS NOW
The Kenny Report News24